(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව හෙට (27) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කැඳවනු ලබන හෙයින් එම අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අනුර සේනානායක මහතාට සිතාසි නිකුත් කරනු ලැබ ඇත.
රගර් කී‍්‍රඩක මොහොමඩ් තාජුඩීන් ඝාතනයේ තොරතුරු සැඟවූ බවට ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මෙලෙස අධිකරණයට කැඳවා ඇත්තේ ඔහුට එරෙහිව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අධි චෝදනා පත‍්‍ර බාරදීම සඳහාය.
2012 මැයි 12 වැනිදා හෝ ඊට ආසන්න කාලයේ දී ඝාතනය කළ මොහොමඞ් වසීම් තාජුඩීන් ඝාතනයේ අපරාධකරුවන් නීත්‍යනුකූල දඬුවමෙන් ආරක්‍ෂා කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයු බවට සහ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් මරණීය දඬුවමෙන් දඬුවම් ලැබිය හැකි බව දනිමින් එම අපරාධයේ වරදකරුවන් ආරක්‍ෂා කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සිදුකළ විමර්ශන වලදී හෙළි වූ තොරතුරු අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අමතරව නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුමිත් චම්පික සහ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද සමරසේකර යන මහත්වරුන් සැකකරුවන් ලෙස නම් කර සිටි අතර නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත්තේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව පමණි.
මේ සම්බන්ධයෙන් මුලින් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා හමුවේ නඩු පවරා තිබු අතර එම නඩුව ඉල්ලා අස්කර ගත් නීතීපතිවරයා ඉන්පසුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ නඩුව පවරා ඇත.
එම නඩුව හෙට (27) කැඳවීමට නියමිතය.

