(මනෝප්‍රිය ගුණසේකර)
ගංවතුරින් අවතැන් වූවන්ට සහන සැලසීමට දුන් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයකු වු අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මීට සුළු වේලාවකට පෙර අධිකරණයට රැගෙන ආවේය.
2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් 61,46,110ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත නොයොදා එම මුදල් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යෙදුවැයි ඔහුට එරෙහිව චෝදනා නඟා ඇත.