අන්තරේ විරෝධතාවට පොලිසියෙන් බාධා


වසංගතයට මුවාවී සම්මත කිරීමට සැරසෙන නිදහස් අධ්‍යාපනය වනසන කොතලාවල පුද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමන ලෙස රජයට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල  ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 21 කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වීමට ගිය අවස්ථාවේ පොලිසිය ඊට බාධා කිරීමත් සමග දැඩි උණුසුම් කාරි තත්ත්වයක් ඇති විය.

උද්ඝෝෂකයන් ගිනි තැබීමට ගෙනා පඹයෙක් ද පොලිසිය ඉවත් කිරීමට යාමේදී පොලිසිය හා විශ්ව විද්‍යාල සිසුන් අතර දැඩි උණුසුම් කාරි තත්ත්වයක් හටගත්තේය.

එහිදී පොලිස් නිලධාරීන් විසින් සිසුන්ගේ විරෝධතා පුහුණු හා බැනර් ඉරා විසි කරන ලදී. පැය දෙකකට ආසන්න කාලයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැඳී සිටි එම පිරිස පසුව විසිර ගියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)