අන්තරේ භික්ෂු කැඳවුම්කරු සිරිධම්ම හිමි ජාතික රෝහලට


(ඉන්දිකා රාමනායක)

ත්‍රස්ත  පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ  කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්   හදිසියේම රෝගාතුරවීම හේතුවෙන්  අද  (25) පස්වරුවේ  කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

දින කිහිපය පුරා  පවතින  උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්ත පනත යටතේ ඉකුත් අගෝස්තු  මස  අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග යටතේ ත්‍රස්තාවාදී  විමර්ශන කොටඨාසයේ   නාරාහේන්පිට පිහිටි  ඒකකයේ   රඳවාගෙන  ප්‍රශ්න කරමින් සිටියි.