(නිමන්ති රණසිංහ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු එහි සාමාජිකයනට ජනාධිපති මාවත, යෝර්ක් වීදිය, බැංකු මාවත, පහළ චැතම්විදිය, මුදලිගේ මාවත හා රෝහල වීදිය යන මාර්ගවල ගමන් කිරීම ඇතුළු වීම වලක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය.
කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපති කොටුව මහේස්ත්‍රාත් අධිකණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම නියෝගය කළේය. එම නියෝගයට අනුව කොටුව පොලිස් වසමේ කිසිදු රාජ්‍ය ආයතනයකට, නිල නිවසකට, ඇතුළුවීම හානි කිරීම එම ප්‍රදේශයේ රාජකාරි කරන නිලධාරීන්ට බාධා කිරීම,ප්‍රචණ්ඩකාරී හා නීතිවිරෝධී ක්‍රියාකාරකම් වලින් තොරව සිදු කළ යුතු බවයි.