
(රංජන් කස්තුරි)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ තවත් වෘත්තීය සමිති ගණනාවක් එක්ව කොළඹ ලිප්ටන් වටරවුම අසලදී අද පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය.
අධ්‍යාපනය හමුදාකරණය වන බවත් අධ්‍යාපනය පෞද්ගලීකරණය වන බවත් චෝදනා කරමින් විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීහු ඇතුළු පිරිස පැය දෙකක පමණ කාලයක් එම විරෝධතාවේ නිරත වූහ.
පොලිසිය යොදවා සිටියද උද්ඝෝෂකයන්ට බාධාවක් එල්ල නොවීම විශේෂත්වයකි
(ඡායාරූප ළහිරු හර්ෂණ)






