
(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාල විසින් ගාලුමුවදොර දක්වා ඊයේ (24) සංවිධානය කර තිබු උද්ඝෝෂණයට පොලිසිය බාධා කිරීම ඇතුලු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය මණ්ඩලය විසින් පොලිසියට එරෙහිව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද (25) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙම විරෝධතාව හේතුවෙන් ජනතාවගේ මානව හිමිකම් ඉල්ලංඝනය කිරීම, මාර්ගය හාරා පොදු දේපළ වලට හානි කිරීම, උල්කටු සවිකළ මාර්ග බාධක යොදා හිතා මාතා තුවාල සිදුකිරීමට කටයුතු කිරීම, සිසුන්ගේ නිවෙස් වෙත ගොස් දෙමාපියන් බියගැන්වීම යන කරුණු මුල් කරගෙන සිසුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
අන්තර් විශ්ව විද්‍යාලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
අන්තරේ විරෝධතා පා ගමනට බාධා කරමින්, ගාලුමුවදොර සිට කොළඹ කොටුවටත්, කොළඹ කොටුවේ සිට ගාලුමුවදොර දක්වාත් සිසුන් මෙන්ම ජනතාවට ඇතුලු වීමට නොහැකි වන අයුරින් ස්ථීර මාර්ග බාධක සවිකිරීමෙන් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සිදු කළ බවත්, ඇතැම් මාර්ග බාධක සවිකිරීමෙන් මාර්ගයට අලාභ හානි සිදුකර තිබු බවත්, එය පොදු දේපළ වලට හානි කිරීමක් බවත් , එය පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් බවද හෙතෙම කියා සිටියේය.
ඇතැම් මාර්ග බාධක වල අගල් දෙකක් තුනක් වන උල් කටු සවිකොට ඒවා කලු රෙදිවලින් ආවරණ කර එම මාර්ග බාධක තැන තැන තබා තිබු බවත්, එහි ගැටෙන ඕනෑම කෙනෙකුට හිතා මතාම තුවාල සිදුවන අයුරින් පොලිසි එම මාර්ග බාධක තැන තැන දමා තිබු බවත්, හෙතෙම පැවසීය.
මෙම විරෝධාතව සංවිධානය කළ මුල්පෙළේ සිසුන්ගේ නිවෙස් වෙත පොලිස් ගොස් දෙමාපියන්ට බිය කර, උසාවි නියෝග ලබා දීම, ඇතුලු කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මෙම කරුණු මුල්කරගෙන අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිපත් කළ බවද වසන්ත මුදලිගේ සිසුවා වැඩිදුරටත් කියා සිටියේය.

