අන්තර්වාර පාලනයකට ජනපති එකඟ වුණා


(සුජිත් හේවාජුලිගේ සහ ෂේන්  සෙනෙවිරත්න)

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා  කඩිනම් පියවර ගැනීමට එකඟ වන බව ජනපතිවරයා ත්‍රෛනිකායික  මහානාහිමිවරුන්ට ලිපියක්  එවමින් දැනුම්දී ඇතැයි අස්ගිරි මහා නිකායේ ලේඛකාධිකාරී   පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.

එසේම නව  ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව  රටට ඉදිරිපත් කිරීමටද  ජනාධිපතිවරයා  කැමැත්ත පළ කර ඇතැයි  උන්වහන්සේ සඳහන් කළහ.