අන්තර් ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් දිවයින පුරා


(රංජන් කස්තුරි)

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිත කිරීමට අන්තර් ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අන්තර් ජාල පහසුකම් සහිත එම ස්ථාන ලබන සඳුදා  සිට විවෘත කරන බව ද අධ්‍යාපන ඇමැතිවරයා කියයි.

මහින්දෝදය විද්‍යාගාර,පාසල් පන්සල් සහ ප්‍රජා ශාලා ආශ්‍රිතව එම අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන පිහිටුවා තිබෙන බව ද ඇමැතිවයා කියයි.

දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් මෙම ස්ථාන හඳුනාගෙන තිබෙන බව ද අධ්‍යාපන ඇමැතිවරයා පැවැසීය.