( සුමිත් පොතුපිටිය )
රත්නපුර ප්‍රදේශයේ ගංගාවල මේ දිනවල ජල මට්ටම පහළ යාම හේතුවෙන් නීති විරෝධීව මැණික් ගැරීමේ ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සන්තකයේ තිබූ මැණික් ගැරීමට යොදා ගන්නා භාණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නඩුභාණ්ඩ සමග ඇලපාත පොලිසියට භාර දී ඇත .
කළු ගඟ හරස් කරමින් රාත්‍රි කාලයේ මෙන්ම දිවා කාලයේද නීති විරෝධී ජාවාරම සිදු කරන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී උදය කුමාර මහතා ට ලද තොරතුරක් මත වැටලීම කර තිබේ.