
(එම්.සුසිල් පියන්ත)
ගාලු පාරේ බළපිටිය බේරතුඩුවේදී යතුරු පැදියක් බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයකු මිය ගොස් ඔහුගේ දියණිය තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ අනාතුරින් මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රජාපතීගෝතමී බාලිකා විදුහලේ ආචාර්යවරයකු හා ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයකු වන බළපිටිය සිරිසේන මාවත පදිංචි අගම්පොඩි ගාමිණී සේපාල ද සොයිසා නමැති පනස් හය හැවිරිදි තිදරු පියෙකි.
පෞද්ගලික නිවසක පැවති උපකාරක පංතියකින් සිය දියණිය රැගෙන නිවස බලා යතුරු පැදියෙන් යමින් සිටියදී ක්‍රියා විරහිතව නතර කර තිබූ බස් රථයක ගැටී මේ අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
මේ අනතුරින් තුවාල ලැබූ මිය ගිය තැනැත්තාගේ දියණිය මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලීසිය කියයි.

