(බී.ජී. චතුරංග )
පෙර පාසලේ නැටුම් පුරුදු වීම සඳහා තම දියණිය සමග යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ යතුරුපැදිය , වෙනත් යතුරු පැදියකින් පැමිණ හප්පා දමා, ඇය දරුවා සමග කානුවට ඇද වැටුණු පසු , රුපියල් ලක්ෂ හතරක් වටිනා ගෙල බැදි රන්මාලය කොල්ලකා පලා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කල බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.
අනුරාධපුර ගල් කඩවල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය පෙර පාසලේ පැවැත්වෙන උත්සවය සඳහා නැටුම් පුරුදු වීම සඳහා කරුක්කන්කුලම විද්‍යාලය වෙත පස්වරු 2ට පමණ ගොස්, යලි 4ට පමණ තම දියණිය සමඟ නිවසට වෙත ගමන් සිටියදී, රළපනාව මාර්ගයේදී මෙම කොල්ලකෑම සිදු කර ඇති බව පොලිසිය කියයි.
පැමිණිලිකාරියගේ යතුරු පැදියට පිටු පසින් වෙනත් යතුරු පැදියකින් පැමිණි සැකකරුට ඉස්සර කිරීම සඳහා ඇය ඉඩ ලබා දීමේදී, එම සැකකරු ඇගේ යතුරු පැදිය හප්පා දමා දරුවා සමග අසල කානුවකට ඇද වැටුණු අවස්ථාවේදී මෙම කොල්ලකෑම සිදු කර ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.