අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල


(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ  අනතුරකින් අයකු මියගොස්  තිදෙනකු තුවාල ලැබූ බව  දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි

අනතුරින් මියගොස් ඇත්තේ  දසනායක අලුත්ගේ අමිල 41 නැමැති දෙදරු පියෙකි.

ඔහු ආපදා රථයක රියදුරෙකි

තුවාල ලැබුවන් අතර අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ  කුඩා දියණියද වන බව පොලිසිය කියයි

මියගිය  පුද්ගලයා  ආපදාවට ලක් වූ මෝටර් රථයක් පටවාගෙන ගැලනිගම  පිවිසුමෙන් ඇතුලු වි   අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙමින් සිටියදී කහතුඩුව කොට්ටාව අතරදී එහි ඉදිරිපස රෝදයක් ආපදාවට ලක් වී ඇතැයි පොලිසිය සඳහන් කරයි

ඔහු විසින් මිතුරෙකුට දුරකථනයෙන් අමතා ඊට අවශ්‍ය අමතර කොටස් රැගෙන එන ලෙස පැවසීමෙන් අනතුරුව එම අමතර කොටස් රැගෙන මිතුරා විසින් මෝටර් රථයකින් එම ස්ථානය කරා පැමිණ මෝටර් රථය ලොරිය ඉදිරිපසින් මදක් ඈතට වන්නට නවතා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත 

පසුව ලොරි රථයේ රියදුරු  ඉදිරිපස රෝදය යථා තත්ත්වයට පත් කරමින් සිටියදී මිතුරා ලොරියට වම් පසින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැට මත අසුන්ගෙන සිට ඇති අතර එම අවස්ථාවේදී මාතර දෙස සිට පැමිණි මෝටර් රථයක් ලොරියේ ඉදිරිපස රෝදය අසල අලුත් වැඩියා කටයුතු සිදු කරමින් සිටි රියදුරු යට කරගෙන  ඉදිරියට තල්ලු කරගෙන පැමිණ ඉදිරිපස නවතා තිබූ මෝටර් රථයේ පිටුපස ගැටී නැවතී මෙම අනතුර සිදුවී ඇති පොලිස් විමර්ශනවලදී  අනාවරණය වී ඇත..

අනතුරින් ආපදා ලොරියේ රියදුරු එම ස්තානයේදි මිය ගොස් තිබු අතර අනතුර සිදුකල  මොටර් රථයේ රියදුරු  ඔහුගේ බිරිද, කුඩා දියණිය තුවාල ලබා හෝමාගම  මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත

අධිවේගී රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපති     ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පක්ෂක අශෝක කරුනාතිලක
පොලිස් සැරයන් 14612  සම්පත් 13516  රත්න සිරි මහත්වරු පරීක්ෂණ පවත්වයි.