(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධිවේගී මාර්ග විකුණනවා දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
"අධිවේගී මාර්ග විකුණන්න යනවායැයි බියක් නිසා එහි සේවය කරන දරුවන්ට විශාල ප්‍රශ්නයක් තිබෙනවා.ඔවුන්ගේ රැකියා නැති වේයැයි යන බය ඔවුන්ට තියෙනවා"
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා;-
මාර්ග සංවර්ධන අධිකාරියේ එකම සේවකයකුගේ වත් රැකියා අහිමි වන්නේ නැත යන ප්‍රතිඥාවක් දී තිබෙනවා අපි අධිවෙිගී මාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ නැහැ.ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී රජයේ වත්කම් වැඩි කර පෙන්විය යුතුයි.ඒ නිසා අදාල ව්‍යපෘති මුදල් අමාත්‍යංශයට පවරා ගෙන තිබෙනවා.ඒවා පාලනය කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින්.

