අධිවේගයේ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වහයි


(බිමල් ශයාමන් ජයසිංහ, බන්දු තඹවිට සහ තුසිත කුමාර ද සිල්වා)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවීම නිසා එම පිවිසුම තාවකාලිකව වැසූ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි 

ඒ හේතුවෙන් එම පිවිසුමෙන් අධිවේගී පිවිසුමට ඇතුළු වීමට ඔහු පිටවීමට නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි


අධිවේගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යට වේ

2024-06-01
15:20

නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුමේ ඉදිරිපස මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය කියයි

ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයට කුඩා වාහන ඇතුළු කිරීමට නොහැකි අතර ලොරි පමණක් දිය මතින් ගමන් කළ හැකි අතර අතර ගාල්ල සහ කොළඹ දිසාවේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන ද වැලිපැන්න හුවමාරුවෙන් පිටවීමටද නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.