අධිකරණයේ ස්වාධීනත්වයට


(නිමන්ති රණසිංහ)

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් වන අන්දමින් ප්‍රකාශ නිකුත් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීම පිළිබදව සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන නීතිඥ වරයෙකු ගේ හඬ පට දෙකක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා රස පරීක්ෂක වාර්තා අධිකරණයට ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (08) රජයේ රස පරීක්ෂකවරයාට නියෝගයක් නිකුත් කළේය. 

පසුගිය මැයි මස විසි තුන්වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණය සංවිධානය කිරීම හා අධිකරණය කටයුතු වලට අවහිරයක් සිදුවන අයුරින් කටයුතු සිදු කිරීම පිළිබඳව සමාජ මාධ්‍යවල පළවන හඬ පටයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් විය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් නීතිඥවරයකු බව කියන අයෙකු සමග පවත්වන දුරකථන සංවාද දෙකක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වීඇති බවත් , ඒ හේතුවෙන් එම එම හඬ පට කාගේ දැයි තහවුරු කරගැනීම සඳහා රස පරීක්ෂක වාර්තා කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙස අපරාධ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.