අධිකරණයේ ස්වාධීනත්වය ඉල්ලා විරෝධයක්


 

(   සිතුම් චතුරංග)

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසත් බලපෑම් හේතුවෙන් ඉල්ලා අස්වීමට සිදුවූ මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතාට යුක්තිය ඉටුකරණ ලෙසත් ඉල්ලා කිලිනොච්චිය ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධාන කිහිපයක් අද(02) කිලිනොච්චිය නගරයේදී විරෝධතාවක නිරත වූහ.

රජය විසින් අධිකරණයට ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් එහි ස්වාධීනත්වයට බලපෑම් සිදුකරන බවත් විරෝධතාකරුවන් පැවසීය.

ආණ්ඩු පක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ විවිධ ආකාරයෙන් අධිකරණයට හා විනිසුරුවන්ට බලපෑම් සිදුකරන බවත් එවැනි බලපෑමක ප්‍රතිඵලයක් ලෙස මුලතිව් මහෙස්ත්‍රාත්වරයාට සේවය අතහැරයාමට සිදුවූ බවත් කීය.

රජය විසින් අධිකරණයට බලපෑම් කරන්නන් සහ මහෙස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධව චෝදනා එල්ලවන පාර්ශව වෙත කඩිනමින් පියවර නොගතහොත් ඉදිරියෙදී උතුරු පළාතතුල හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් විරෝධතාකරුවන් පැවසීය.