අධිකරණය තුළදී ගණේමුල්ල සංජීවට වෙඩි තබා මරයි


(මනෝප්‍රිය ගුණසේකර, බිමල් ශ්‍යාමන් ජයසිංහ, ඉන්දිකා රාමනායක, බුද්ධික කුමාරසිරි සහ ළහිරු හර්ෂණ)

නඩු කටයුත්තකු සඳහා කොළඹ අලුත්කඩේ අධිකරණයට රැගෙන ආ සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවට අධිකරණ සංකිර්ණය තුළදී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

නීතිඥයකු ලෙසින් වෙස්වලාගෙන ආ වෙඩික්කරුවකු මෙම වෙඩි තැබීම සිදු කර ඇත. වෙඩික්කරු සොයා මේ වන විට විශේෂ  සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර උසාවිය අවට පිටවිමේ ගේට්ටු වසා දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ.


2025-02-19
10:05 am

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

කොළඹ අධිකරණයට නුදුරුන් මීට සුළු වේලාවක පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

ගණේමුල්ල සංජීව මිය ගොස් ඇති බවට තහවුරු නොවු පුවත් වාර්තා කරයි.

වෙඩි තැබීමට හේතුව සහ පුද්ගලයන් තවමත් තහවරු කර ගෙන නොමැත.