(විමුක්ති එස් රුද්‍රිගු)
මෙක්සිකෝවේ පසුගිය මාර්තු මස සිට මේ දක්වා අධික උෂ්ණත්වය හේතුවෙන් 112 කට අධික පිරිසක් මියගොස් ඇතැයි මෙක්සිකානු බලධාරීන් ප්‍රකාශ කර ඇත .එසේම තවත් 1559 දෙනකු අධික උෂ්ණත්වය හේතුවෙන් රෝගාතුර වී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන තිබෙන බව මෙක්සිකානු බලධාරීන් පෙන්වා දී ඇත.
පසුගිය දවස් 10 ක කාලය තුළ මෙක්සිකෝවේ උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.මෙක්සිකෝවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහල ගොස් ඇති බවද මෙක්සිකෝ බලධාරීන් වාර්තා කර ඇත.

