
(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
අධ්‍යාපන නව ජාතික ප්‍රතිපත්තිය සැකසීමේදී නවක වදය තුරන් කිරීම ගැන විශේෂ අවධානය යොමු කරන්නැයි විශ්ව විද්‍යාල උපකුලපතිවරු පිරිසක් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙන් ඉල්ලා සිටියහ.
කෙටුම්පත් කෙරෙන නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබන මැයි මාසයේදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එහි සභාපති මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු අදාළ පාර්ශවයනට දැනුම් දුන්නේය.
අධ්‍යාපන කොමිෂන් සභාව මෙම ප්‍රතිපත්තිය සැකසීමේදි අදාල අමාත්‍යංශය ඇතුළු සියලු පාර්ශ්වයන්හි සහයෝගය ලබාගත යුතු බව ද හෙතෙම කීවේය.

