
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට විවෘත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
එමෙන්ම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අමාත්‍යාංශය මගින් සකස් කරනු ලබන වාර්තාව කාරක සභාවේ සාකච්ඡාවට ලක් කිරීමෙන් පසු මහජනතාවටද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කීවාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනු කාරක සභාව පළමුවරට එහි සභාපති, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ අදහස් පළවිය.
2026 වසරේදී පළමු හා හයවන ශ්‍රේණි සඳහා නව විෂයමාලා හඳුන්වාදීම සම්බන්ධ කටයුතු ද මේ දිනවල කඩිනමින් සිදුවෙමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

