(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
රටතුළ උද්ගතවී ඇති විදුලිය, ඉන්ධන, ගෑස් සහ ඖෂධ හිඟය වැළැක්වීම සදහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට නියමිත සැලසුම් පිළිබදව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නිතිපතිවරයාට දැනුම් දුන්නේය.
මේ වන විට රටේ ඇතිවී තිබෙන වත්මන් ආර්ථික අර්බුදයට දිගුකාලින සහ කෙටිකාලින විසදුම් සකස් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිතිඥ සංගමය ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පතේසම් දෙකක් කැදවනු ලැබූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
මෙම අයිතිවාසිකම් පෙත්සම් දෙක වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ උදිත ඉහල හේවා සහ සුරේෂ් ඥානරාජ් යන මහත්වරුන් අධිකරණයෙන් කළ ඉල්ලිමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම සිදුකළේය.

