අදත් වැස්ස නෑ


(ඩයනා උදයංගනී)

රට පුරා අදත් (26) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රීයේ සහ අලුයම ශීත කාලගුණයක් පවතින අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මල්තුහින ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද, දකුණු සහ ඌව පළාත්වල උදෑසන කාලයේ මීදුම් තත්වයක් පවතින බව ද එම ප්‍රකාශකයා පැවසීය.