අද ලැබුණු බණ්ඩි පෝර ඔක්කොම නොමිලේ බෙදා දෙනවා


(අංජුල මහික වීරරත්න)

ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අද (12) ප්‍රදානයක් ලෙස ලැබුණු මියුරියේට් ඔෆ් පොටෑෂ් (බන්ඩි පොහොර) මෙට්‍රික් ටොන් 55,000 වී සහ පොල් ගොවීන් සඳහා  නොමිලේ බෙදා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ,ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.

මෙම පොහොර තොගයෙන් වී වගාව  සඳහා සියයට 50 ක්ද ඉතිරි සියයට 50 පොල් වගාව සඳහාද භාවිත කිරීමට ඉකුත් 9 වෙනිදා කැබිනට් මණ්ඩලයද තීරණය කළ තිබිණි.

සාමාන්‍යයෙන් එක් කන්නයක වී වගාව සඳහා භාවිතා වන මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000 ක්  බැවින්  පොහොර තොගය මෙවර මහ කන්නයේ වී වගා කළ ගොවීන් සඳහා බෙදා හැරීමටද, ඉතිරිය පොල් වගාව සඳහා භාවිතා කිරීමටද ප්‍රමාණවත් බව අමාත්‍යංශය කියයි.

රුසියානු රජයේ Uralchem සමාගම විසින් මෙම මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර නිෂ්පාදනය කර තිබේ.