අද දවසේ කාලගුණය


(ඩයනා උදයංගනී)

සබරගමුව, බස්නාහිර පළාත්වලත් මහුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇති වන අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානයන්හි සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව ද එම ප්‍රකාශකයා පැවසීය