
උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලටත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දැඩි උණුසුමක් දැනෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මිනිස් සිරුරට දැනෙ උණුසුම හෙවත් ‘‘අවධානය‘‘ යොමු කළ යුතු මට්ටමට එම උණුසුම් තත්ත්වය පවතිනු ඇතැයි අපෙක්ෂා කෙරේ.
මෙම වැනි තත්ත්වයක් පවතිද්දී වැඩි වේලාවක් සිරුර නිරාවණය වීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු ගත්තයක් ඇති විය හැකි අතර එය තවදුරටත් එම ක්‍රියාකාරකම්වල නිරත වුවහොත් ඒ තුළින් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඩු වේදනාව ඇති විය හැකිය.
මෙවන් අවස්තාවලදී වැඩබිම්වල කටයුතු කරන අවස්ථාවලදි ප්‍රමාණවත් ජලය පානය කිරීම, හැකි සෑම අවස්ථාවකදීම සෙවණ ඇති ස්ථානවල රැඳිම කළ යුතුය.
වැඩිහිටි සහ නිරෝගී පුදගලයන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. කුඩා දරුවන් වාහන තුළ රැඳවා නොතැබීම,අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරීම සහ එළිපහළියේ ගමන් කරන විට සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන්න.

