අද ආසාදිතයන් 2,856ක්


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 910 දෙනකු අද(9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 2,856 කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,77,636 ක් දක්වා ඉහළ ගොස් ඇත.