අතුරුදහන් ධීවරයන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසයි


(රොමේෂ් මධුෂංඛ)

මීට දින 5 කට පෙර  කිලිනොච්චිය මරදන්කේනි ආඩියාවලෙයි මුහුදු තීරයේ මසුන් අල්ලීමට ගොස්  අතුරුදහන්වූ ධීවරයි්න් දෙදෙනාගෙ සිරුරු  ගොඩගසා ඇති බවට පොලීසිය පවසයි.

මෙම ධීවරයන්ගේ යාත්‍රාව ඉන්දීය ට්‍රොල්ර් යාත්‍රාවක් මගින් අනතුරට ලක්කොට ඔවුනට පහරදී මුහුදට අමා ඇති බවට  ප්‍රදේශවාසී ධීවරයෝ චෝදනා කරති.

මේ හේතුවෙන් මරදන්කේනි ධීවරයින් විශාල පිරිසක් අද (01) දින මරදන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කොට ඉන්දීය ධීවර ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක නිරත වූහ.