
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දින තුනක් අතුරුදහන්ව සිටි දෙදරු පියකුගේ සිරුර පුලිදිවාසල් ප්‍රදේශයේ ලුණු ලේවායක් ජලයෙන් පිරි ගිය ස්ථානයක තිබි හමුවු බව මදුරන්කුලිය පොලිසිය අද (0 7 ) පැවසිය.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ පල්ලිවාසල්පාඩුව පදිංචි 41 හැවිරිදි වර්ණකුලසුරීය නාමල් ප්‍රනාන්දු නැමති දෙදරු පියකු බව කියයි.
මෙම තැනැත්තා දින තුනකට පෙර මසුන් මැරිම සදහා නිවසින් පිටත්ව ගොස් ඇති බවත් ඔහු නිවසට නොපැමිනිම හේතුවෙන් සොයා බලා ඇතත් ඒ පිළිබදව තොරතුරක් හමුව නැති බව කියයි.

