
(රංජිත් රාජපක්ෂ)
නිවසින් අතුරුදන්ව සිටි සත්දරු මවකගේ මළ සිරුර කාසල්රි ජලාශයේ පාවෙමින් තිබියදිඅද (17) දින හමු වු බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
කාසල්රි ජලාශයේ පාවෙමින් තිබි හමු වි ඇත්තේ නොර්වුඩ් වෙන්චර් වත්තේ පදිංචිව සිටි පෙරුමාල් රාගම්මා නැමති (82) හැවිරිදි සත්දරු මවගේ සිරුරයි.
රෝගාතුරව සිටි තම මව වෙන්චර් වතුයායේ පහල කොටසේ කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය අභියස පිහිටි තම නිවසේ පදිංචිව සිටි බවත්, ඉකුත් (10) දින සිට මව අතුරුදහන්ව සිටි පුතෙකු පොලීසියට පැමිනිල්ලක්ද කර තිබිණි.

