අතුරුගිරියේ වෙඩිතැබීමට ‘ටැටු‘හිමිකරු ඇතුළු හතක් අත්අඩංගුවට


(කේ. බුද්ධික කුමාරසිරි සහ ගයාන් සූරියආරච්චි)

අතුරුගිරිය නගරයේ ආරම්භ කළ ටැටූ මධ්‍යස්ථානයක් තුලදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හොවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් වන්නේ අදාළ වෙඩිතැබීමට වාහන සැපයූ පුද්ගලයන් සිව් දෙනෙකු සහ ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකි.

ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුට රුපියල් ලක්ෂ 10ක මුදලක් කොටස් වශයෙන් වරින්වර ලැබී ඇති බව සිදුකල  විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය

මෙම වෙඩි ප්‍රහාරය නිසාවෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සහකරු වන නයන වාසුල විජේසූරිය නැමැති 38 හැවිරිදි අයෙක්ද මියගිය අතර ගායිකා කේ. සුජීවා සහ තවත් පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ සහ ක්ලබ් වසන්තගේ බිරිඳ සමගින් තවත් කාන්තාවක් තුවාල සහිතව කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඝතෙනයට ලක් වූ දෙදෙනා ගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසු ඥාතීන්ට භාර දීමට කටයුතු කර ඇත.