අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අවශ්‍ය නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරයි


(මනෝප්‍රිය ගුණසේකර) 

වී, සහල්, සීනී, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම්, අධික මිල ගණන් වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට හදිසි නීතී රෙගුලාසි පනවනු ලැබීය.
මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අත්‍යවශ සේවා කොමසාරිස් ජනරාල්වරයා වශ්‍යයෙන් මේජර් ජනරාල් එම්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පත් කොට ඇත.
මහජන ආරක්‍ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීතී රෙගුලාසි මෙලෙස ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් මඟින් දැනුම් දී ඇත.
වී, සහල්, සීනී, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අයකිරීම මඟින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳ පොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයන කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනී, ඇතු`ථ අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සාධාරණ මිල ගණන් වලට ලබා දීමට බලයලත් නිලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකු වලින් තොග මිලදී ගැනීමට ලබාදී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකර ගැනීඹටත් හැකිවන පරිදි මෙම හදිසි නීතී රෙගුලාසි පනවනු ලැබු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.