(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කළ කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාගේ සේවා කාලය අද (20) දිනයෙන් අවසන් බව ඒ මහතා පැවසීය.
ජනාධිපතිවරයා හදිසි නීතිය පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා කොමසාරි තනතුර බලගැන්වූ බවත් හිදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත නොකිරීම නිසා දින 14 කින් පසුව හදිසි නීතිය අවසන් වූ බවත් රුවන්චන්ද්‍ර මහතා කීය.
හදිසි නිතියට අද දිනයේ දින 14 ක් සම්පූර්ණ වූ බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ නිල නිල කාලය අවසන් වූ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.