අත්තනගලු ඔයේ වතුර වැඩියි: පරිස්සමෙන්


(තිලකරත්න දිසානායක.)

වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම සැලකිලිමත්විය යුතු තත්ත්වයකට පත්ව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙහි ගම්පහ කාර්යාලය සදහන් කරයි. 

අද සවස 6 ට ලබාගත් දත්ත අනුව අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 3 දශම 3 ක් වශයෙන් සදහන්ව තිබූ බව කළ විමසුමකට පිළිතුරු දෙමින් වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත මහතා පැවසීය.