අත්ටැක්ටරයක නගුලට සිරවී සෙබළා මරුට


(රංජිත් රාජපක්ෂ )                     

අත්ටැක්ටරයක ඉඩමක් හාමින් සිටි යුද හමුදා සෙබලෙකු එම ටැක්ටරයේ නගුලට සිරවී  ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.

මෙසේ ටැක්ටරයේ නගුලට සිරවී මියගොස් ඇත්තේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහ වත්ත විජයබාහුකන්දේ පදිංචි දසන්ත චන්දික හේරත් නැමති (32) මල්ලාවි යුධහමුදා කදවුරේ (334432) සේවය කරමින් සිටි අයෙකි.

නිවාඩු ලබා නිවසට පැමින කුලී පදනම මත ලබා ගත් ඉඩමක එලවලු වගා කිරීම සදහා අත් ටැක්ටරයෙන් ඉඩම හාමින් සිටියදි මෙම අනතුර සිදුවී ඇත.

අත්ටැක්ටරයෙන් ඉඩම හාමින් සිටියදී අත්ටැක්ටරයේ එක්ස්ලේටරය සිරවී අත්ටැක්ටරය වේගයෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබියදී අත්ටැක්ටරය නතරකර ගැනීමට සෙබලා උත්සහ කිරිමේදි අත්ටැක්ටරයේ නගුලට සෙබලා සිරවීමෙන් අනතුරුව ඔහුගේ සිරුර කැපී මෙම අනතුර සිදුවී ඇත.