(රෝෂන් තුෂාර)
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දින දහ අටක් තිස්සේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකාරයේ රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නයිි ඉල්ලා අල්ලස් කොමිසම පසුගිය සිකුරාදා දින මෝසමක් ගොනු කර තිබූ අතර එම මෝසම සලකා බැලූ මහේස්ත්‍රාත් අධිකරණය රාජසේනාරත්න මහතා සැකකරුවෙකු නම් අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව ප්‍රකාශ කළේය.
ඒ අනුව රාජ්‍ය සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
කෙසේ නමුත් අල්ලස් කොමිසම දන්වා සිටියේ අත් අඩංගුවට ගැනීමට නියමිතව සැකකරුට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට දැන් වූ නමුත් ,තමන්ට අසනීප බවට ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් ඔහු අල්ලස් කොමිසම දිගින් දිගටම මගහරිමින් සිටින බවත්, දවස් පහළොවක් තිස්සේ ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිතකර ඇති බවත් පැවසීය.