අණ නොතකා ගිය යතුරු පැදියට විශේෂ කාර්ය බලකායෙන් වෙඩි


(ඉන්දිකා  රාමනායක)

අංගොඩ කැළණිමුල්ල පාලම අසල විශේෂ කාර්ය බලකාය  මගින් යොදා තිබු  ක්ෂණික මාර්ග බාධකයකදි  අණ නොතකා ධාවනය වෙමින් තිබූ යතුරු පැදියකට භට පිරිස්  (1)  පස්වරුවේ  වෙඩි තැබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

එම වෙඩි පහර හමුවේ  යතුරු පැදිය නොනවත්වාම පලා ගොස් ඇතැයි කාර්ය බලකායේ පවසයි.

විශේෂ කාර්ය බලකායේ ක්ෂණික මාර්ග බාධකය හරහා අද පස්වරුවේ  අංගොඩ සිට කැලණිය දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියකට නැවැත්වීමට අණ කර ඇත.

එම අණ අනුව යතුරු පැදිය නවත්වන මුවාවෙන් වේගය අඩුකර  එකවරම පලා ගොස් ඇති අතර  එම යතුරුපැදියට   විශේෂ කාර්ය බලකායේ භටයකු  වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව    විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග පවසයි.

මෙම වෙඩි  ප්‍රහාරයක් සමඟම යතුරුපැදිය නොනවත්වාම කැලණිය දෙසට ධාවනය වී ඇතැයි ද විශේෂ කාර්ය බලකාය සදහන් කරයි 

පලා ගිය සැකකරුවන් සොයා ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කළද  සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත..

මොවුන් කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි දෙදෙනකු බවට විශේෂ කාර්ය බලකාය සැකකරයි.