
ඇෆ්ඝනිස්ථානයේ තලෙයිබාන් පාලනය හමුවේ රටින් පලා යන ඇෆ්ඝන් කාන්තාවකට ගුවන් යානයකින් බ්‍රිතාන්‍ය බලා ගමන් කරමින් සිටියදී අඩි 30000ක් ඉහළ අහසේදී දරු ප්‍රසුතිය සිදු ව ඇත.
බ්‍රිතාන්‍යයේ අනුග්‍රහයෙන් කාබුල් ගුවන් තොටුපළ හරහා ඉවත් කරගනු ලැබූ මෙම ඇෆ්ගන් කත එංගලන්තයේ බර්මින්හැම් වෙත තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පියාසර කරමින් සිටියදී මෙම දරු ප්‍රසූතිය සිදු කර ඇත.
එම අවස්ථාවේදී යානයේ වෛද්‍යවරයෙකු නොසිටි නමුදු කාර්ය මණ්ඩලයේ සහයෙන් අදාළ කටයුතු සිදු කෙරුණු අතර, 26 හැවිරිදි සෝමන් නූරි නැමැති මව සහ දරුවා නිරෝගි තත්ත්වයෙන් පසුවන බව සඳහන් වේ.
මෙම කාන්තාවට ප්‍රසව වේදනා ඇතිවන අවස්ථාවේ ගුවන්යානය ඇෆ්ගනිස්ථානයේ සිට ඩුබායි හරහා බර්මින්හැම් දක්වා ගමන් කරමින් සිට ඇත.ඇයත් සමග 30 හැවිරිදි සැමියා මෙන්ම අනෙක් දරුවන් දෙදෙනා ද මෙම යානයේ සිට ඇත.
දරු ප්‍රසූතියෙන් පසු යානය කුවේට් රාජ්‍යයේ ගොඩබැස්ස වීමට තුර්කි ගුවන් යානය නියමුවන් පියවර ගෙන ඇත.මවත් දරුවාත් සුවෙන් සිටින බවද සදහන් වේ.
සන්ධ්‍යා කාලයේ ගුවනේදි උපත ලද මෙම ඇෆ්ඝන් බිළිදියට තබා ඇත්තේ සන්ධ්‍යාව යන අරුත් ඇති ''හවා ''යන නම ලබා දී ඇතැයි ද කියැවේ.
ඉකුත් 15 වැනිදා තලේබාන් සංවිධානය යළිත් ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව මේවන විට එහි සිටින විශාල පිරිසක් රටින් පළායමින් සිටින ඇතර එම සංවිධානය සිට රටවැසියන්ට අනතුරු අගවා සිටියේ රටින් පළා නොයන ලෙසටය.
තිලිණි ද සිල්වා
(බීබීසී ඇසුරිනි)

