අච්චුවේලි වලින් තරුණයකුගේ සිරුරක් හමුවෙයි


(ප්‍රදීප් කුමාර)

යාපනයේදී අබිරහස් ලෙස මිය ගොස් සිටි තරුණයකුගේ මෘත දේහයක් හමුවූ බව යාපනය අච්චුවේලි පොලිසිය සදහන් කරයි.

අදාල තරුණයා කෝවිලක පැවති සංගීත ප්‍රසංගයක් අවසන්ව යළි නිවසට පැමිණෙමින් සිටියදී මෙසේ නිවසක් ඉදිරිපිට ඇද වැටී සිටියදී හමුවී තිබේ.

පසුව ප්‍රදේශවාසින් ඔහු දැක වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් තරුණයා ජිවිතක්ෂයට පත්ව ඇති බව අච්චුවේලි රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 ක් පමණ වන සෙල්වචන්ද්රන් මිමෝජාන් නැමැති තරුණයෙකු බව පොලිසිය සදහන් කරයි.

අදාළ තරුණයාගේ පාදයේ සර්පයෙකු දෂ්ට කිරීමක් වැනි සලකුණුද පවතින අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අච්චුවේලි රෝහලේ සිදු කිරීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.