
(අංජුල මහික වීරරත්න)
මහජන චීන සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය චීනයේ බීජිං නුවර දී මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang මහතා හමුවිය.
මෙම හමුව අතරතුර, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීමට චීනය කළ ආරාධනය සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළාය. අග්‍රාමාත්‍යවරිය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ 76 වන සංවත්සරයට සුබ පැතුම් එක් කළ අතර, අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ මෙම පළමු චීන නිල සංචාරය හරහා දෙරටේ වෙළඳාම, ආයෝජන, සංචාරක, සංස්කෘතිය සහ ජනතාව අතර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබෙන බව සඳහන් කළා ය.

