අගමැති මහින්ද ලබන සතියේ ඉතාලියට


(විනීතා එම් ගමගේ)

ඉතාලියේ බොලබ්නා විශ්ව විද්‍යාලයේ දී පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සති අන්තයේ ඉතාලිය බලා පිටත්ව යන බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

යුරෝපයේ ඉහළම මට්ටමේ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් වන මෙම සම්මන්ත‍්‍රණයට සහභාගි වී එම සම්මන්ත‍්‍රණයේ පළමු සැසිවාරය ආමන්ත‍්‍රණය කිරීමට අගමැතිවරයාට ඇරයුම් ලැබී ඇතැයි විදේශ කටයුතුු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ යථාර්ථය පිළිබ චිත‍්‍රය යුරෝපයට අගමැතිවරයා එහිදි ඉදිරිපත් කරනු ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේය.

යුරෝපීය පාර්ලිමේන්තුවේ සභාපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයන් සමග අග‍්‍රාමාත්‍යතුමන්  පැවැත්වීමට නියමිත සාකච්ඡාවල දීද ශ්‍රී ලංකාවේ යථාර්ථය පිළිබඳ චිත‍්‍රය යුරෝපයට ඉදිරිපත් කළ හැකිවනු ඇතැයි කී අමාත්‍යවරයා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් යම් යම් ද්වේශ සහගත බලවේග දුරුකර අපේ රටේ යථාර්තය පිළිබඳ චිත‍්‍රය යුරෝපයට ඉදිරිපත් කිරීමට උචිත අවස්ථාවක් එහි දී ලැබෙනු ඇතැයි ද කියා සිටියේය.