අගමැති නිවස ඉදිරිපිට විරෝධතාවක්


(මනෝප්‍රිය ගුණසේකර සහ ජයමාල් චන්ද්‍රසිරි)

රටේ උද්ගතව ඇති අර්බුදයට කඩිනමින විසඳුම් ලබාදිය නොහැකි නම් අගමැතිධුරයෙන් වහාම ඉවත්වන ලෙස බලකරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස්වැනි පටුමඟේ පිහිටි නිවස ඉදිරිපිට අද (04) රාත්‍රීයේ විරෝධතාවයක් පැවැත්වුහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිටට රාත්‍රී 7.30ට පමණ රැස්වු විරෝධතාකරුවෝ පැය 1 1/2කට ආසන්න කාලයක් පුරා විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලුණහ.

විරෝධතාකරුවන්ට රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස දෙසට පැමිණීමට නොහැකි ව අන්දමට මාර්ග බාධක යොදා පොලිස් කැරලි මර්ධන අංශය විසින් විශේෂ ආරක්‍ෂාවක් සළසා තිබිණ.