(නාලක සංජීව දහනායක)
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා සිකුරාදා (7) වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
අග‍්‍රාමාත්‍යධූරයට පත්වීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා කරන පළමු නිල සංචාරය මෙය වන අතර ඔහු ලබන අඟහරුවාදා (11)දක්වා එරට රැඳී සිටිනු ඇත.
මෙම සංචාරයේදී අග‍්‍රාමාත්‍යවරයා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු එරට ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. දෙරට අතර වෙළඳ සම්බන්ධතාවයන් වැඩි දියුණු කර ගැනීම ඉන්දීය සාගර කලාපයේ ආරක්‍ෂාව වැඩිදියුණු කර ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තාවේ.
අග‍්‍රාමාත්‍යවරයා මෙම සංචාරය අතරතුරදී බරණැස, තිරුපති කෝවිල ඇතුළු ආගමික සිද්ධස්ථාන වැදපුදා ගැනීමට ද නියමිත ඇත.

