අකුරණ නගරය දින 30ට පස් වතාවක් යටවේ


(මොහොමඩ් ආසික්)

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට  අද සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හෙතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගයෙන් ගලා යන වහගල ඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරයේ  ජලයෙන් යට වී ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය නැවතී ගියේය.

නගරය ජලයෙන් යට වීම නිසා ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර ගංවතුර පවතිද්දීත් ධාවනය කිරිම උත්සාහ කළ බස් රථයක් සහ ලොරි රථයක් ගංවතුරට හසුව සිර වී තිබූ අතර බස් රථයේ සිටි පිරිස් ආරක්ෂිතව බේරා ගනු ලැබූහ.‍

අකුරණ නගරය ආසන්නයේ පිහිටි නිවාස කිහිපයක්ද ජලයෙන් යටව ඇති අතර නිවසේ තිබූ භාණ්ඩ සියල්ල ජලයෙන් විනාශ වී තිබිණ.

මාසයක් වැනි කාලයක දී අකුරණ නගරය ජලයෙන් යටව ඇති පස් වන අවස්ථාව මෙයයි.