අකුරණ ආසාදිතයින් දෙදෙනා ඇසුරු කළ සියලුදෙනා දැනුම් දෙන්න


(මොහොමඩ් ආසික්)
 
අකුරණ ප්‍රදේශයෙන් හමු වූ නව කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනා ඇසුරු කළ පුද්ගලයින් වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ පොලිසියට දන්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
අකුරණ ප්‍රදේශයෙන් ඊයේ හමුව ඇති නව කොරෝනා වයිරසය ආසාදිත වූවන් දෙදෙනා සමඟ අකුරණ ප්‍රදේශයෙන් හමුව ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.