අකුණු සැරෙන් තිදරු පියා මරුට


 

(දයාරත්න ඇඹෝගම)

 රත්මලේ කුඹුරු යායේදි අකුණු සැර වැදිමෙන් 53 හැවිරිදි තිදරු පියෙක් මිය ගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ රත්මලේ,උපුල්දෙණිය පදිංචිව සිටි ගුණසේනගේ උපාලි සමරවික්‍රම(53)නැමති දෙදරු පියෙකි.

තණ කැවිම සදහා රත්මලේ කුඹුරු යායේ ගැට ගසා සිටි තම එළ ගවයා නිවසට රැගෙන ඒම සදහා පැවති අධික වැස්ස නොතකා කුඹුරු යායට ගිය අවස්ථාවේදි මෙම පුද්ගලයාට අකුණුසැර වැදි ඇතැයි පොලිසිය කියයි. එම අකුණු පහරින් බරපතල පිළිස්සුම් තුවාල ලැබු මෙම පුද්ගලයා තම්මැන්නෑව රෝහල ඇතුලත් කිරිමෙන් අනතුරැව මිය ගොස් තිබුණි.

්‍