
(අංජුල මහික වීරරත්න)
අක්ෂි තාක්ෂණ විද්‍යාලයේ 2017-2019 / 2019-2021 / 2022-2024 කණ්ඩායම් වල වසර 2 ක පුහුණුවෙන් පසු පරිපූරක අක්ෂි තාක්ෂණවේදීහු 57 දෙනෙක් අද(29) උසස් ඩිප්ලෝමා උපාධි ලැබූහ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඩිප්ලෝමා උපාධි ප්‍රදානය සිදු කෙරිණි.
ජාතික අක්ෂි රෝහලේ වසර දෙකක සේවා කාලයකින් පසු තවත් පරිපූරක අක්ෂි තාක්ෂණවේදීන් 58 දෙනකු උසස් ඩිලෝමා උපාධි ලබා ගැනීම සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා මෙහිදී සඳහන් කළේය.
කලාපයේ අනෙකුත් රටවල් හා සසැඳීමේ දී ශ්‍රී ලංකාවේ අක්ෂි සත්කාර ක්ෂේත්‍රය ඉහළ ප්‍රමිතියක් තිබීම ගැන ආඩම්බර විය හැකි බවත්, රට තුළ වළක්වා ගත හැකි අන්ධභාවය තුරන් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.


