අක්කර 50 කුඹුරු යාය අලි වනසති


(සමන් කේ. ගමගේ)

තිරප්පනේ සෙම්බුකුලම  හා දෙමටෑගම යන ගම්මානවලට අයත් කුඹුරු අක්කර 50ක් පමණ  වන අලි රංචුවක් පැමිණ විනාශ කර ඇතැයි ගොවීහු පවසති. 

සෙම්බුකුලම හා දෙමටෑගම ගම්මානවල මෙවර කුඹුරු අක්කර 300කට ආසන්න ප්‍රමාණයක් වී වගා කර ඇත. එම ගොයමට මාසයක් පමණ ගත වී තිබේ.

එම යායට අලි 40ක පමණ රංචුවක් පැමිණීමෙන් කුඹුරු අක්කර 50ක් පමණ පොඩිකර විනාශයට පත් වී ඇත.

මෙලෙස දිගින් දිගට ම වන අලි පැමිණ කුඹුරු හා ගොඩ භෝග වගා විනාශ කර දමන බවද ගොවීන් මැසිවිලි නගයි.

මෙම අලි මිනිස් ගැටුමට තවම ස්ථීර විසඳුමක් ලැබී නොමැති බවත්, ක්‍රියාත්මක කෙරෙන යැයි කියන වන අලි පන්නා දැමීමේ මෙහෙයුම ද අසාර්ථක බව එම ගොවීහු කියති.