
(ඉන්දිකා රාමනායක)
74 වැනි නිදහස් උත්සව නිමිත්තෙන් නාවික හමුදාව විසින් සම්ප්‍රදානුකූලව ජාතිය වෙත පිදෙන සම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය අද (4) දහවල් 12.00 ට නාවික නෞකා “ගජබාහු” නෞකාවේ දී සිදුකෙරිණි.
මෙතෙක් පැවති නිදහස් දින උත්සවයන් හිදි ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර දැක් වුයේ කොළඹ ප්‍රදීපාගාරය අසල උත්තමාර පිරි නැමීම සදහා භාවිතා කරන අවි වලින් බවත්, මෙවර ප්‍රථම වතාවට නාවික හමුදාවේ විශාලතම යුද නෞකාව වන “ගජබාහු” නෞකාවේ සිට වෙඩි මුර උත්තමාචාරය පැවැත් වු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් මාලන් පෙරේරා ගේ මෙහෙයවීමෙන් වෙඩි මුර 25 ක් පවත්වා ජාතිය වෙනුවෙන් ආචාර පුද කළහ
මිලිමීටර් 47 විශ්කම්භයක් සහිත උත්මාචාර අවි 4 ක් භාවිතා කර මෙම වෙඩිමුර උත්තමාචාරය දැක්වීය.



