70 සාදු අටේ දැරිය අපයෝජනය කරලා


(ඉන්දිකා රාමනායක)

වයස අවුරුදු 8 ක් දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ 70 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකාර හිමිනම මාස 2 ක පමණ කාලයක සිට මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

සැකකාර හිමිනම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අතර, දැනට පලාගොස් ඇත.